ගංවතුරෙන් සිදු වූ වගා හානි තක්සේරුවට කමිටු

ගංවතුරෙන් සිදු වූ වගා හානි තක්සේරු කිරීමට ප්‍රදේශීය වශයෙන් කමිටු

by Staff writer 13-12-2024 | 5:18 PM

COLOMBO (News1st) - ගංවතුරෙන් සිදු වූ වගා හානි තක්සේරු කිරීම සඳහා ප්‍රදේශීය වශයෙන් වගා හානි තක්සේරු කිරීම් කමිටු පිහිටුවා තිබේ.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කළේ, ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු පිහිටුවා ඇති බවය.

මෙම කමිටු මගින් ගොවීන් විසින් දැනුම් දී ඇති වගා හානි නිශ්චිතව තක්සේරු කිරීමට නියමිත අතර ඉන් අනතුරුව වන්දි පිරි නැමීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේ ය.

සභාපතිවරයා පැවසුවේ, ඒ සඳහා රුපියල් මිලියන 1800ක් පමණ වැය වනු අති බවට ගණන් බලා ඇති බවයි.