ජනපතිගෙන් දැඩි තීන්දුවක්...

කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ක්‍රියාමාර්ග ගන්නවා - ජනපතිගෙන් දැඩි තීන්දුවක්...

by Staff writer 13-12-2024 | 12:47 PM

COLOMBO (News1st) - කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(13) අවධාරණය කළේ ය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද(13) උදෑසන රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැත්වූ හමුවේදීයි.

ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පළුඳුවීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය