නාම යෝජනා අවලංගු කරන වැඩ ඇරඹේ

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සඳහා වන නීති සංශෝධන ක්‍රියාවලිය ඇරඹෙයි

by Chathurika Jayasundara 11-12-2024 | 4:22 PM

COLOMBO (News1st) - පසුගිය පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සඳහා වන නීති සංශෝධන ක්‍රියාවලිය ආරම්භ කළ බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළේ, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව හරහා එම කටයුතු සිදුවන බවය.

පක්ෂ නායකයින්ගේ එකඟතාව මත පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ ය.

ඒ අනුව පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධන ගෙන ඒමට නියමිතයි.

අදාළ සංශෝධන නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් පසු ඉදිරි සති කිහිපයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

2022 වසරෙන් පසු අලුතින් එක්වූ ඡන්ද දායකයින් ලක්ෂ 10ක් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීම නාම යෝජනා අවලංගු කිරීමේ ප්‍රධාන අරමුණක් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය