දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය..

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකා පළමු ඉනිමට වඩා ලකුණු 30ක් පිටුපසින්...

by Staff writer 07-12-2024 | 10:14 PM

COLOMBO (News 1st) - සත්කාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (07) තුන්වැනි දිනටත් පැවැත්විය.

ශාන්ත ජෝර්ජ් පාක් ක්‍රීඩාංගනයේදී ටෙසට් තරගය පැවැත්වේ.

දකුණු අප්‍රිකාව පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 358ක්.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක ලකුණු 89ක් රැස් කිරීමට සමත් විය.

දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේ ලකුණු 44 බැගින් රැස් කරමිනි.

කමිඳු මෙන්ඩිස් අද ලකුණු 48ක් රැස් කිරීමට සමත් වූ අරත ඔහු 2023 - 2025 ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය තුළ අඩුම තරග සංඛ්‍යාවකදී ලකුණු 1000 සීමාව පසු කළ ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් විය.

නායක ධනංජය ද සිල්වා ලකුණු 14යි.

කුසල් මෙන්ඩිස් ලකුණු 16යි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 328ක් රැස් කළේ.

ඩෑන් පැටර්සන් කඩුලු 5ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිස රදයක් වෙමනි.

දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ටෝනි ඩී සෝසි ලකුණු 19කට දැවී ගියේ ය.

ඒ ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේයි.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 55ක් රැස් කළා.

පළමු ඉනිමේ ශතක ලාභී රයන් රිකෙල්ටන් ලකුණු 24කට දවා ගත්තේ යළි ක්‍රියාත්මක වූ ප්‍රභාත් ජයසූරිය යි.

සිව්වැනි කඩුල්ලට එක්වූ ට්‍රිස්ටන් ස්ටබ්ස් සහ නායක ටෙම්බා බවුමා ලකුණු 82ක නොබිදුණු සබඳතාවයක් සමග නොදවී කඩුල්ලේ රැදී සිටී.

දිනය නිමාවන විට දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේ ලකුණු පුවරුව සටහන් වූයේ කඩුළු 3ක් දැවී ලකුණු 191ක් ලෙසයි.