පුනර්ජනනීය ව්‍යාපෘති සම්බන්ධ කමිටු වාර්තාව..

පුනර්ජනනීය ව්‍යාපෘති සම්බන්ධයෙන් අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව බලශක්ති අමාත්‍යාංශයට

by Staff writer 04-12-2024 | 8:03 AM

COLOMBO (News 1st) - මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ පුනර්ජනනීය ව්‍යාපෘති සම්බන්ධයෙන් අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව බලශක්ති අමාත්‍යාංශයට භාර දී තිබේ.

එහි ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා සඳහන් කළේ, ව්‍යාපෘති 40කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් එම කමිටුව මගින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව වාර්තාව සකස් කර ඇති බවයි.

එමගින් අදාළ වාර්තා ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ගණනාවක් ද ඉදිරිපත් කර ඇත.

එම නිර්දේශ කිහිපයක් ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ඔහු කියා සිටියේ ය.

ඒ සඳහා කැබිනට් මණ්ඩලය ගන්නා තීරණය අනුව අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැණෙනු ඇති.

ලේකම්වරයා පැවසුවේ, නව විදුලිබල පනත අනුව අදාළ පුනනර්ජනනීය විදුලි ව්‍යාපෘති ලබන ජූනි මාසයට පෙර ආරම්භ නොකළ හොත් ඒවා අවලංගු වී යන බවයි.

අදාළ ව්‍යාපෘතිවලින් උත්පාදනය කිරීමට අපේක්ෂිත විදුලි ධාරිතාව මෙගාවෝට් 250 කට අධික බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.