රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා ලෝක බැංකුවේ සහය පළ කර තිබේ.
මේ බව ප්‍රකාශ කෙරුණේ, ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී ය.
අද ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදු විය.
ජනපතිවරයා ප්රමුඛ නව රජයට සුබ පැතුම් එක් කළ ලෝක බැංකු විධායක අධ්යක්ෂවරයා, දැනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන සියලුම ව්‍යාපෘති ඉදිරියටත් එලෙසින්ම ක්‍රියාත්මක කරන බව ද සඳහන් කර තිබේ.
එමෙන්ම නව රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් මෙන්ම, ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම සඳහා වන සැලසුම්, ආර්ථික ඩිජිටල්කරණ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති හා සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළ බව ජනාදිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.
වතුකරයේ ජනතාවගේ ඉඩම් හා නිවාස ගැටලුව ඇතුළු උතුරු සහ නැගෙනහිර ජනතාව දීර්ඝ කාලයක් පුරා මුහුණ දී සිටින ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස කතාබහට ලක්ව තිබේ.
Clean Sri Lanka වැඩසටහන ඇගයීමට ලක් කළ ලෝක බැංකු විධායක අධ්යක්ෂවරයා සදහන් කර ඇත්තේ රජයේ ඉදිරි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා සහය ලබා දෙමින් එහි ආරම්භක පියවර ලෙස මෙරට උපදේශන කණ්ඩායමක් සමග සාකච්ඡා පැවැත්වීමට සූදානම් බවයි.