ඒ සැකකරු අද(04) අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ නඩුව කැඳවූවේ ය.
ප්‍රංශයේ සිටින කාන්තාවක් විසින් මුහුණුපොතේ පළ කළ LTTE සංවිධානයේ තහනම් කරන ලද සංකේත ඇතුළත් ඡායාරූපයක් සැකකරු විසින් භාගත කොට එය යළි සමාජ මාධ්‍යයේ පළ කර ඇති බව නඩුව කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ය.
ඔවුන් සඳහන් කළේ, එමගින් මහජන සාමය හා ජාතීන් අතර සංහිඳියාවට බාධාවක් සිදු වී ඇති අතර, එවැනි සැමරුම් උත්සවයක් උතුරේ පවත්වා නොමැති බවයි.
විමර්ශන කටයුතු අවසන් වී නොමැති නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
සැකකරු සිදුකර ඇති ක්‍රියාව හේතුවෙන් මහජන සාමය කඩ වූ බව තහවුරු කෙරෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කර තිබේදැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසුවේ ය.
නිලධාරීන් පැවසුවේ, එවැන්නක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි.
මහජන කැළඹීමක් සිදුවූ බව තහවුරු කෙරෙන සාක්ෂි නොමැතිව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ කෙසේදැයි විමර්ශන නිළධාරීන්ගෙන් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂි නොමැතිව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තමන්ට නොහැකි බව පෙන්වා දුන්නේ ය.
ඒ අනුව සැකකරු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, නඩුව අප්‍රේල් මස 03 වැනිදා යළි කැඳවීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.