ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව සම්මතයි

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වෙයි..

by Staff writer 04-12-2024 | 5:38 PM

COLOMBO ( News 1st )- ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ , දින දෙකක් පැවති විවාදයකින් අනතුරුවයි.

10 වන පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ ය.