සරම්ප එන්නත්කරණ වැඩපිළිවෙළ දීර්ඝ කෙරේ

සරම්ප එන්නත්කරණ වැඩපිළිවෙළ දීර්ඝ කෙරේ

by Staff writer 02-12-2024 | 9:34 AM

COLOMBO (News 1st) –සරම්ප එන්නත්කරණ වැඩපිළිවෙළ තවත් සති 2කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ මහතා පැවසුවේ, පසුගිය මස 9 වැනිදා සිට සරම්ප එන්නත පුද්ගලයින් 25,000කට පමණ ලබාදී ඇති බවයි.

තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත යොමුවීමෙන් එන්නත් ලබාදෙන ස්ථාන පිළිබඳ තොරතුරු ලබාගත හැකි බවද ඔහු පැවසුවේ ය.

මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් වසංගත රෝග තත්ත්වයන් සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් විවෘත කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පෙරවරු 7.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතව තැබෙන එම ඒකකයෙන් ජනතාවට, සරම්ප ඇතුළු වසංගත රෝග පිළිබද තොරතුරු විමසීය හැකියි.

011 – 744 65 13 ,  011-768 27 22, 011- 768 28 72 හෝ 011- 768 26 62 දුරකථන අංක ඔස්සේ ඒ පිලිබද තොරතුරු විමසිය හැකි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.