නිවාස යටවූ 15,000ක් තවදුරටත් ආරක්ෂිත ස්ථානවල

වැස්සෙන් නිවාස යටවූ 15,000ක් තවදුරටත් ආරක්ෂිත මධ්‍යස්ථානවල..

by Staff writer 02-12-2024 | 8:26 AM

COLOMBO ( News 1st ) - අධික වැසි සහිත කාලගුණයෙන් බලපෑමට ලක්වූ පවුල් 4,745කට අයත් පුද්ගලයින් 15,464ක් තවදුරටත් ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පවුල් එක් ලක්ෂ 39,934 ක පුද්ගලයින් හාර ලක්ෂ 71,249 කට තවදුරටත් බලපෑම් එල්ල වී ඇති බවයි.

වාර්තා වූ මරණ සංඛ්‍යාව, 17 කි.

පූර්ණ නිවාස හානි, 100 ක් සිදුව තිබේ.

අර්ධ නිවාස හානි සංඛ්‍යාව, 2379 කි.

මේ අතර පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 60 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් සිට ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද, පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වා ඉහළ යා හැකියි.

පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ, මීටර 2.5 ත් 3 ත් දක්වා ඉහළ යා හැකි ය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පවතින්නේ, වැසි රහිත කාලගුණයකි.