ජනපති සහල් මෝල් හිමියන් හමුවෙයි...

ජනපති සහල් මෝල් හිමියන් හමුවෙයි...

by Hashini De Mel 02-12-2024 | 7:27 PM

COLOMBO ( News 1st ) - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (02) පෙරවරුවේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග සාකච්ඡාවක නිරත විය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනතාවට හිඟයකින් තොරව සාධාරණ මිලට අඛණ්ඩව සහල් ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළ බවයි.

අද ජනාධිපති කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවට, වෙළෙඳ  වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි විය.

ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව, ලබා දීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද  සාකච්ඡා කර තිබේ.

හිඟයකින් තොරව සහල් ලබා දීම සඳහා රට තුළ ගබඩා පහසුකම් වැඩි කිරීමද, මෙහිදී අවධානයට ලක් වූ කරුණකි.

නාඩු සහල්, අගය එකතු කළ නිෂ්පාදන සඳහා යොදා ගැනීම නිසා පරිභෝජනය සඳහා තොග අඩු වීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.

පොහොර සහනාධාරය ඵලදායී ලෙස ජාතික නිෂ්පාදිතයට එකතු කිරීම අරමුණු කර ගත් කේත ක්‍රමයක් හඳුන්වා දීමට ද ජනාධිපතිවරයා අවධානය යොමු කළ බවයි.