එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් දිවයිනේ කාලගුණයට වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි.
උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි වෙයි.
මේ අතර, ත්‍රිකුණාමලය සිට කන්සන්තුරය හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවලට යාත්‍රා කිරීමෙන් වළකින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට උපදෙස් දෙයි.
මේ අතර, මහවැලි ගඟ, යාන් ඔය ඇතුළු ගංගා කිහිපයක් ආශ්‍රිතව තවදුරටත් ගංවතුර තත්ත්වයක් පවතියි.
වර්ෂාවත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මහා පරිමාණ ජලාශ 40 ක් හා මාධ්‍ය පරිමාණ ජලාශ 113 ක් මේ වනවිට වාන් දමමින් ඇතැයි එහි ජල කළමනාකාරණ අංශයේ ඉංජිනේරු ලහිරුනී ජයතිලක මහත්මිය සඳහන් කළා ය.
මේ අතර දිස්ත්‍රික්ක 05කට නිකුත් කළ නායයෑම් පිළිබද පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි.
බදුල්ල, මහනුවර කෑගල්ල මාතලේ හා නුවර එළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් ඒ අතරට ඇතුළත් ය.
මේ අතර , අධික වැසි සමග ඇතිවූ ආපදාවලින් මිය ගිය සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් තිබේ.
19 දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙකු අතුරුදන් ය.
අධික වැසි සහිත ආපදාවලින් පුද්ගලයින් හාර ලක්ෂ 41 දහස් 373කට තවදුරටත් බලපෑම් එල්ලවී තිබේ.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, දිස්ත්‍රික් 24 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 229 ක ආපදා තත්ත්වය පවතින බවයි.
නිවාස 99 කට පූර්ණ හානිවී ඇති අතර අර්ධ හානි වී ඇති නිවාස සංඛ්‍යාව 2,082 කි.