ගොවිබිම් අක්කර ලක්ෂ 3ක් පමණ ජලයෙන් යටවෙයි..

අධික වර්ෂාවත් සමග ගොවිබිම් අක්කර ලක්ෂ 3ක් පමණ ජලයෙන් යටවෙයි - කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය

by Staff writer 30-11-2024 | 7:31 AM

COLOMBO (News 1st) –අධික වර්ෂාවත් සමග ගොවිබිම් අක්කර තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක් පමණ ජලයෙන් යටවී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා පැවසුවේ, ජලය බැස යාමෙන් පසු වගා හානිය තක්සේරු කරන බවයි.

ජලගැලීම් හේතුවෙන් විනාශයට පත් භෝග වර්ග 6 ක් සඳහා වන්දි පිරිනමන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඔහු කියා සිටියේ ඒ අනුව වී, අර්ථාපල්, බඩ ඉරිඟු, ලොකුලූණු, සෝයා හා මිර්ස් පූර්ණ හානිවූ වගාබිම් සඳහා අක්කරයකට රුපියල් 40,000ක් වන්දි වශයෙන් ලබා දෙන බවයි.