ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙවන්වීම පිළිබඳ නඩුව අද (29) කැඳ වූ අවස්ථාවේදීයි.
නඩුව කැඳ වූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධීකරණයට දැනුම් දුන්නේ නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද, බන්දුල ගුණවර්ධන, විජයදාස රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, විදුර වික්‍රනායක, කාංචන විජේසේකර, නසීර් අහමඩ්, රොෂාන් රණසිංහ, නලින් ප්‍රනාන්දු, ජගත් පුශ්පකුමාර යන හිටපු අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් පවසා සිටියේ, ඖෂධ මිලදී ගැනීමට අවසර ලබා නොදුන් හොත් සතියක් තුළ මෙරට සෞඛ්‍ය තත්ත්වය කඩා වැටිය හැකි බව සඳහන්ව තිබූ හෙයින් ඊට අවසර ලබා දුන් බවට හිටපු අමාත්‍යවරුන් පොදුවේ ප්‍රකාශ කළ බවයි.
ඇය අධිකරණයට දන්වා සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත ටිරාන්, අලස් මහින්ද අමරවීර යන අයගෙන් ඉදිරියේ ප්‍රකාශ ලබා ගන්නා බවයි.