නඩුවකින් රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස්..

නඩුවකින් රාජිත සේනාරත්න ඇතුළු දෙදෙනෙකු නිදොස් කොට නිදහස්..

by Staff writer 29-11-2024 | 2:57 PM

COLOMBO (News 1st) –හිටපු ඇමති රාජිත සේනාරත්න ඇතුළු දෙදෙනෙකුට එරෙහි නඩුවකින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණයෙන් නියෝග කර තිබේ.

ඒ , 2019 ජනපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ ගැන අසත්‍ය ප්‍රකාශ කිරීමට පෙළඹවීම ඇතුළු චෝදනා යටතේ ගොනු කළ  නඩුවකින් ය.