බෙංගාල බොක්කේ කැළඹීම තවදුරටත්...

බෙංගාල බොක්කේ කැළඹීම තවදුරටත්... අදත් උතුරු, නැගෙනහිරට තද වැසි...

by Staff writer 28-11-2024 | 8:28 AM

COLOMBO ( News 1st ) - නිරිත දිග බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) තවදුරටත් සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පීඩන අවපාතය තීව්‍ර වෙමින්, ඉදිරි පැය 6 - 12ත් කාලයේදී තමිල්නාඩු වෙරළින් ඉන්දියාවට ඇතුළු වීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල වැසි ඇති විය හැකිය.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ.

උතුරු පළාතටත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් 150mm ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ ය.