ඒ , ඔහු සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් අද අධිකරණය හමුවේ පෙනී සිටීම හේතුවෙන් ය.
ඉකුත් 26 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට යාපනය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
ඒ , කොළඹ, බේස්ලයින් ප්‍රදේශයේදී මෝටර් රථ අනතුරක් සිදුකර එම මෝටර් රථයේ රියැදුරට පහරදී තුවාල සිදු කළ බව කියන සිද්ධියකට අදාළව විභාගයට ගැනෙන නඩුවකට අධිකරණය හමුවේ පෙනී සිටීම දිගින් දිගටම මඟ හැරීම හේතුවෙන් ය.
2021 මාර්තු 22 වැනිදා බේස්ලයින් මාර්ගයේදී මෝටර් රථයක් අනතුරට පත් කර, එහි රියදුරුට පහර දී බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව නඩුව ගොනු කර තිබේ.
නඩුව මාර්තු 4 යළි කැඳවීමට නියමිතයි.