තවත් විභාග දෙකක් කල් දමයි...

නීති විද්‍යාල පොදු ප්‍රවේශය විභාගය ඇතුළු තවත් විභාග දෙකකුත් කල් දමයි

by Staff writer 28-11-2024 | 10:53 AM

COLOMBO (News 1st) - පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දෙසැම්බර් 01 සහ 02 පැවැත්වීමට නියමිතව තිබූ තවත් විභාග දෙකක් ද නැවත දැනුම් දෙනතුරු කල් දැමූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

ඒ අනුව දෙසැම්බර් 01 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශය 2024 විභාගය සහ දෙසැම්බර් 02 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබූ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සංඛ්‍යා ලේඛනඥ සහ සංඛ්‍යා ලේඛනඥ නිලධාරීන් සඳහා වන විභාගය කල්දැමූ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

එම විභාග පැවැත්වෙන දින පිළිබඳ ඉදිරියේදී එම විභාග අපේක්සකයින්ට දැනුම් දෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ද දෙසැම්බර් 3 වැනි දා දක්වා නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ, පවතින ආපදා තත්ත්වය හේතුවෙනි.