නව තානාපතිවරු 9ක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි..

නව තානාපතිවරු 9 දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි..

by Staff writer 28-11-2024 | 10:49 PM

COLOMBO (News 1st) –

ශ්‍රී ලංකාවට පත් වුණු නව තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්නේ ය.

බුර්කිනා ෆාසො, බොස්නියාව සහ හර්සෙගොවිනා, අසර්බයිජාන ජනරජය , ජෝර්ජියාව, බෙලාරූස් ජනරජය, ආමේනියා ජනරජය, ස්පාඤ්ඤ රාජධානිය ,කොංගෝ ජනරජය සහ ගිනියා ජනරජය සඳහා නව තානාපතිවරු මෙලෙස අක්තපත්‍ර භාර දුන්නේ ය.

කෙන්යා ජනරජය සඳහා පත්ව ඇති නව මහ කොමසාරිස්වරයාද අද සිය අක්ත පත්‍ර භාරදීම සිදු කළේ ය.