ගංවතුර අවදානම් නිවේදන දීර්ඝ කෙරේ..

දැඳුරුඔය, හැඩඔය, මුන්දෙණිආරු ඔය සහ මහවැලි ග⁣ඟ සඳහා නිකුත් කළ ගංවතුර අවදානම් නිවේදන දීර්ඝ කෙරේ..

by Staff writer 28-11-2024 | 5:59 PM

COLOMBO (News 1st) –

දැඳුරුඔය, හැඩඔය, මුන්දෙණිආරු ඔය සහ මහවැලි ග⁣ඟ සඳහා නිකුත් කළ ගංවතුර අවදානම් නිවේදන තවත් පැය 48 ක් සඳහා දීර්ඝ කර ති‌බේ.

ඒ අවට ජනතාව දැඩි ලෙස විමසිලිමත්වන්නැයි  වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.