ඒ, පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙනි.
දෙසැම්බර් 4 වැනි දා සිට පෙර නිකුත් කළ කාලසටහනට අනුව විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්රකාශ කළේ ය.
ඒ අනුව දෙසැම්බර් 4 වැනි දා පැවැත්වෙන්නේ, එම දිනට නියමිතව තිබූ විෂය යි.
විභාගය නොපැවැත්වෙන දිනවල යෙදී ඇති විෂයන් වෙනුවෙන් වෙනත් දින සහිත කාලසටහනක් හඳුන්වා දී ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන ලදී.