මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කරයි

මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කරයි...

by Staff writer 27-11-2024 | 8:34 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කර තිබේ.

මේ යටතේ මෙතෙක් පැවති මහ බැංකුව සමග ගණුදෙනු කරන ආයතනවලට අදාළ වූ ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙක වෙනුවට එක්දින ණය සඳහා අය කරන පොලී අනුපාතයක් හදුන්වාදී තිබේ.

එම පොලී අනුපාතය 8% ක් බව මහ බැංකුව ප්‍රකාශයට පත් කරන ලදී.

මෙහිදී ණය හා ඉතුරුම් සඳහා එම පොලියට දශම 5ක් අඩුවන අතර ණය සඳහා 0.5% ක ආන්තිකයක් එකතුවන බව සඳහන් වේ.