එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, ඉන් පසු වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බවයි.
පවතින ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (27) පස්වරුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී එම මහතා මේ බව සඳහන් කළේ ය.