ඒ අම්පාර මඩකලපුව සහ මාතර දිස්ත්‍රික්ක සඳහා යි.
මේ අතර ගංවතුරින් පීඩාවට පත් ජනතාව මුදා ගැනීම සඳහා ගුවන් හමුදා සමාජිකයින් 50 දෙනෙකු ස්ථාන 06ක ස්ථාන ගත කර ඇතැයි, ගුවන් හමුදාව සඳහන් කළේ ය.
ඒ , හෙලිකොප්ටර් 6 ක් සමගයි.
වාලච්චේන ප්‍රදේශයේ ගංවතුරට හසු වූ නිවසක වහලයක් මත කොටුවී සිටි පුද්ගලයෙකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයකින් අද (27) දහවල් මුදා ගැනුණි.
අධික වැසි සහිත කාලගුණයෙන් දිස්ත්‍රික්ක 17කට බලපෑම් එල්ලවී ඇත.
එම දිස්ත්‍රික්වල පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 2,7582 කි.
වැඩිම පිරිසක් බලපෑමට ලක්ව ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 49560 කි.
පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අඛණ්ඩව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන ලදී.