අධික වර්ෂාවෙන් පුද්ගලයින් 275,082 ක් පීඩාවට

අධික වර්ෂාවෙන් පුද්ගලයින් 275,082 ක් පීඩාවට.. - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

by Staff writer 27-11-2024 | 12:47 PM

COLOMBO (News 1st) - අධික වර්ෂාවත් සමග හටගෙන ඇති ආපදා තත්ත්වයෙන් මේ වනවිට පවුල් 59629කට අයත් පුද්ගලයින් 275,082ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වැඩිම පිරිසක් බලපෑමට ලක්ව ඇත්තේ, මන්නාරම දිස්ත්‍රික්කයේයි.

එම සංඛ්‍යාව 49,560කි.

දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 127කට අධික වර්ෂාවත් සමග ආපදා තත්ත්වයක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.

ආරක්ෂිත ස්ථාන 104ක රැඳී සිටින පුද්ගලයින් සංඛ්‍යාව 10,137 කි.

අද (27) පෙරවරු 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ යාපනය ප්‍රදේශයෙනි.

එය මිලිමීටර් 253 කි.

තුනුක්කායි ප්‍රදේශයට මිලිමීටර් 50.5 ක්, අච්චිවේලී ප්‍රදේශයට මිලිමීටර් 245.3ක වර්ෂාපතයක් අදාළ කාලය තුළ ලැබී තිබේ.