අලෙවි වූ ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6 දෙනෙකු ද ඇතුළත්.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ සහ වනිදු හසරංග මිලට ගත්තේ ය.
මෙවර වෙන්දේසියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නුවන් තුෂාර මිලට ගැනීමට කටයුතු කළේ ය.
කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග , තමන් සතු කරගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම දුෂ්මන්ත චමීරව මිලදී ගත්තේ ය.
ශ්‍රී ලංකාවෙන් මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙන්දේසියට පෙර රඳවා ගත් අතර ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7 දෙනෙකු මෙවර IPL ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට නියමිතයි.
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දින දෙකක් පුරා සෞදි අරාබියේදී පැවැත් විය.
කණ්ඩායම් 10ක් එක්වන මෙවර තරගාවලියේ වෙන්දේසිය සඳහා ඉන්දීය සහ විදෙස් ක්‍රීඩකයින් 577 දෙනෙකු ලියාපදිංචි වී සිටියහ.