COLOMBO (News 1st) - වෙළෙඳපොළේ සිදුවන අක්‍රමිකතා සොයා අද (26) සිට වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම අධිකාරියේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, අත්‍යවශ්‍ය තොග සහ සිල්ලර භාණ්ඩ පිළිබඳ වැටලීම් සිදු කරන බවයි.
වෙළෙඳපොළේ යම් වංචාවක් සිදු වන්නේනම් ඒ පිළිබඳ පාරිභෝගික කටයුතු අධිකාරියේ 1977 යන දුරකතන අංකයට මහජනතාවට දැනුම් දිය හැකි බව අධ්යක්ෂවරයා සඳහන් කළේ ය.