පීඩාවට පත්වූ සිසුන්ට කිසිදු බාධාවකින් තොරව විභාගයට මුහුණ දීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ ය.
ඊට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු පාර්ශ්ව ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය.
මේ අතර අධික වැසි සමග ඇතිවිය හැකි ආපදා තත්ත්වයකදී ආසන්නතම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනි සිටිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සම්බන්ධයෙන් සියලු උසස් පෙළ විභාග අපේක්ෂකයින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
තමන්ට නියමිත මධ්‍යස්ථානයෙන් බැහැරව ආසන්නතම මධ්‍යස්ථානයකදී විභාගයට පෙනී සිටින්නේ නම්, ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතු වේ.
ආපදා තත්ත්වයක් යටතේ පමණක් එම අවස්ථාව සලසා දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
මේ දක්වා ආපදා තත්ත්වයන් හේතුවෙන් උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට බාධා එල්ල වූ බවට වාර්තා නොවන බවද, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන ලදී.