මියන්මාරයේදී මුදවාගත් ලාංකිකයින් ගැන දැනුම්දීමක්

මියන්මාරයේදී මුදාගත් ශ්‍රී ලාංකිකයින් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට පියවර - විදේශ කටයුතු අමාත්‍යංශය

by Staff writer 26-11-2024 | 7:02 PM

COLOMBO ( News 1st ) - මියන්මාරයේ සයිබර් අපරාධ සඳහා යොදවා සිටියදී  මුදාගත් ශ්‍රී ලාංකිකයින් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරමින් ඇතැයි, විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සමඟ එක්ව ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති බව, එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එලෙස මුදාගත්  ශ්‍රී ලාංකිකයින් තිස් දෙදෙනෙකු මේ වන විට තායිලන්තයේ රැඳී සිටී.

කාන්තාවන් 08 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 24 දෙනෙකු එලෙස මුදාගත් ශ්‍රී ලාංකිකයින් අතර වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ය.

මීට පෙර ද එවැනි ශ්‍රී ලාංකිකයින් 28 දෙනෙකු මුදාගනු ලැබූහ.