ඒ , මේ වන විට පවතින අධික වැසි සහිත කාල ගුණික තත්ත්වය හේතුවෙනි.
මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත එම යානා හරවා යැවූ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර කළමණාකරු සඳහන් කළේ ය.
ඒ අනුව ඉන්දියාවේ චෙන්නායි සහ මාලදිවයින මාලේ නුවර සිට පැමිණි ගුවන් යානා මෙන්ම අබුඩාබි සිට පැමිණි ගුවන් යානා 03ක් මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබේ.
ජපානයේ නරීටා , ඩුබායි සහ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා 03 ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත පිටත් කර හැරි බව කටුනායක ගුවන් තොටුපොළේ කාර්යභාර කළමණාකරු පැවසුවේ ය.