උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය බණ්ඩාරවෙල දක්වා සීමා කෙරේ - දුම්රිය දෙපාර්තමේන්තුව

by Staff writer 26-11-2024 | 8:32 AM

COLOMBO ( News 1st ) - උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය බණ්ඩාරවෙල දක්වා සීමා කර තිබේ.

ඒ, ස්ථාන කිහිපයකින් මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙනි.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, පවතින තත්ත්වය හේතුවෙන් ධාවනයට නියමිත ගමන්වාර කිහිපයක් සීමා කිරීමට සිදුවන බවයි.

උදෑසන 8.30 ට කොටුවෙන් පිටත්වීමට නියමිත උඩරට මැණිකේ දුම්රිය නියමිත වේලාවට ධාවනයට පියවර ගත් බව ද, දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.