දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

2023 -2024 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් වාර්තා ලබන 30 වැනි දාට පෙර ලබාදෙන්න - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

by Staff writer 24-11-2024 | 2:17 PM

COLOMBO (News 1st) - 2023 -2024 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් වාර්තා ලබන 30 වැනි දාට පෙර ලබාදෙන්නැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාරිකයින්ට මාර්ගත ක්‍රමය ඔස්සේ එම වාර්තා ඉදිරිපත් කිරීමට මෙවර පළමු වරට අවස්ථාව දී ඇති බවයි.

මාර්ගගත ක්‍රමයට එය නිසිආකාරයෙන් සිදු කිරීමට අපොහොසත් වන පුද්ගලයින්ට කාර්යාල වෙත පැමිණ එම කටයුතු සිදු කර ගත හැකියි.

ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හා ප්‍රාදේශීය කාර්යාලවල විශේෂ කවුලු විවෘත කර ඇත.

ඒ ඔස්සේ, බදු අංකය සහ විද්‍යුත් ලිපිනය ලබාගෙන අදාළ වාර්තා සම්පූර්ණ කළ හැකියි.

ඊට අමතරව එම කවුලු හරහා හිඟ බදු ගෙවීමට ද අවස්ථාව පවති.

එම කවුලු සෙනසුරාදා දිනවල ද විවෘතව තැබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.