COLOMBO (News 1st) - මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළ ගොස් තිබේ.
ඒ, පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තොබර් දක්වා කාල සීමාවට සාපේක්ෂවයි.
මේ වසරේ සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2534 ඉක්මවා ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.