COLOMBO (News 1st) - ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එය තවදුරටත් බටහිරට බරව වයඹ දෙසට ගමන්කර නොවැම්බර් මස 25 දින වනවිට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතිනු ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.150කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි.