වෛරස් උණක් ගැන සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීම්..

ජනතාව අතර වේගයෙන් ව්‍යාප්ත වන වෛරස් උණ රෝගයක් ගැන සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීම්..

by Staff writer 23-11-2024 | 12:54 PM

COLOMBO (News 1st) –

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

උණ , සෙම්ප්‍රතිශ්‍යාව , උගුරේ වේදනාව සහ කැස්ස එම රෝග ලක්ෂණ අතරට ඇතුළත් ය.

මෙම රෝග ලක්ෂණ දින තුනකට වඩා පවතීනම් වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසුරිය මහතා ජනතාවට දැනුම් දෙයි.