යළි කැළඹෙන කාලගුණය..

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදේ පීඩන අවපාතයක්. උතුරු - නැගෙනහිර මුහුදට යෑමෙන් වළකින්නැයි උපදෙස්

by Staff writer 23-11-2024 | 7:08 AM

COLOMBO (News 1st) –බස්නාහිර , සබරගමුව , මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වෙමින් ඇති අඩු පීඩන කලාපය මීට හේතුවයි.

හෙට සිට ලබන අඟහරුවාදා දක්වා උතුරු - නැගෙනහිර මුහුදු ප්‍රදේශවලට යාත්‍රා කිරීමෙන් වළකින්නැයි ඔහු ධිවර හා නාවික ප්‍රජාවට උපදෙස් දෙයි.

මේ අතර, පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 4ක ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, ⁠ඇල්පිටිය, ⁠නාගොඩ,

කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, ⁠කෑගල්ල, ⁠යටියන්තොට,

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ⁠අඹගමුව,

රත්නපුර දිස්ත්‍රික්කයේ ⁠ඉඹුල්පෙ, ⁠ඕපනායක, ⁠බලන්ගොඩ, ⁠රත්නපුර, ⁠පැල්මඩුල්ල සහ ⁠කහවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණ.