ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේ සුබවාදී වාතාවරණයක්

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සුබවාදී වාතාවරණයක් - ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය

by Staff writer 22-11-2024 | 3:06 PM

COLOMBO (News 1st) –ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සුබවාදී වාතාවරණයක් සකස් වී ඇතැයි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමත් සමග, මෙරට බැංකු පද්ධතියේ පැවති පීඩනකාරී තත්ත්වය පහව යනු ඇති බවයි.