කාලගුණයෙන් අනතුරු ඇඟවිමක්..

තද වැසි සහ තද සුළං පිළිබඳ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

by Staff writer 22-11-2024 | 9:19 PM


COLOMBO ( News 1st ) - තද වැසි සහ තද සුළං පිළිබඳ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

නොවැම්බර් 23 වැනි දා පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රීතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි අතර ඉන් අනතුරුව එළඹෙන දින 2 තුළදී එය නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව නිවේදනයේ සඳහන් විය.

නැවත දැනුම් දෙන තුරු නොවැම්බර් 24 සිට 28 දක්වා, කාලය තුල මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස අනතුරු අඟවයි.

එම නිවේදනය පහතින්..