දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි..

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි..

by Staff writer 21-11-2024 | 9:39 AM

COLOMBO ( News 1st ) - බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට 100mm ඉක්මවූ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටන් විට වැසි ඇතිවනු ඇත.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති වන අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.