අද (21) අලුයම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩි ප්රහාරයට ලක්ව තිබේ.
එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 48ක වලස්ගල ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
පුද්ගලයෙකුගෙන් කප්පම් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයාට අධිකරණයේ නඩුවක්ද පවතී.
පොලීසිය සැක පළ කරන්නේ මෙම වෙඩි තැබීම සහ අදාළ කප්පම් ගැනීම සම්බන්ධයෙන් යම් සම්බන්ධතාවක් පවතීද යන්නයි.
වෙඩි තැබීමට T56 වර්ගයේ ගින අවියක් භාවිත කර ඇති බව සඳහන් වේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්රියාත්මක ය.