නුවරඑළිය , ගාල්ල , මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලට ද ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබයි.
මේ අතර, පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 04ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරුවේ යළි දීර්ඝ කළේ ය.
කෑගල්ල , කුරුණෑගල , කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් ඒ අතරට ඇතුළත් ය.