විශ්වවිද්‍යාලවලට අයැදුම් කළ සිසුන්ට දැනුම්දීමක්..

උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කළ සිසුන්ට ලියාපදිංචි වීමට දුන් කාලය අවසන් - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

by Hashini De Mel 20-11-2024 | 7:45 AM

COLOMBO ( News 1st ) -  පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කළ සිසුන්ට ලියාපදිංචි වීමට දුන් කාලය අවසන් වී තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ, ලියාපදිංචි වීමට දුන් කාලසීමාව තුළ සිසුන් 40000ක් පමණ ලියාපදිංචි වී ඇති බවයි.

ඒ අනුව වෛද්‍ය පීඨ සියල්ලට හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සිසුන් බඳවා ගැනීම සඳහා ඉදිරි පියවර ගැනීමට ලියාපදිංචි ලේඛන යොමු කළ බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

මෙවර විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කළ සිසුන් සංඛ්‍යාව 43000කට අධිකයි.

ඒ අතුරින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ලියාපදිංචි නොවූ සිසුන් සඳහා වෙනත් සිසුන් කඩිනමින් බඳවා ගැනීමට පියවර ගන්නා බව එම කොමිසම ප්‍රකාශ කළේ ය.