ඒ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් විසින්ය.
පනාගොඩදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සතුව තිබී ඝාතනයට යොදා ගත් බවට සැකපිට විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් හමු වූ බව පොලීසිය ප්රකාශ කළේ ය.
සැකකරු 27 හැවිරිදි හදපාන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් කරන ලද ප්රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත අනෙක් සැකකරු අතුරුගිරියේදී අත්අඩංගුවට ගැනුණි.
විදෙස් රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය පැවසුවේ ය.