ඇය සඳහන් කළේ, මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණි තමන්ගේ තොරතුරු ලබාදිය හැකි බවය.
ඇඟිලි සලකුණු ලබාදීම සඳහා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම අනිවාර්ය බව ද මහලේකම්වරිය ප්‍රකාශ කළේ ය.
මේ අතර ලබන 25, 26, 27 යන දිනයන්හිදී නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුහුණු සැසියක් පැවැත්වේ.
එහිදී පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි සහ පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කරනු ඇත.
පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහනධිර මහත්මිය සඳහන් කළේ, මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු එම දිනවලදී ලබාදෙන බවයි.
මේ අතර 10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය, ලබන 21 වැනි දා පෙරවරු 10.00 ට රැස්වේ.
නව කතානායකවරයෙකු, නියෝජ්‍ය කතානායකවරයෙකු සහ කාරක සභා නියෝජ්‍ය සභාපතිවරයෙකු එදිනට තෝරා පත්කර ගැනීමට නියමිතයි.