නව අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු කැබිනට් රැස්වීම මෙයයි.
ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) පෙරවරු 10.00ට නව අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන බවයි.
ජාතික ජන බලවේග ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය, ඊයේ(18) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
21 දෙනෙකුගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලයට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් 7 දෙනෙකු, වෛද්‍යවරුන් දෙදෙනෙකු, නීතිඥවරයෙක්, ඉංජිනේරුවෙකු සහ උපාධිධාරීන් 7 දෙනෙකු ඇතුළත් වේ.