COLOMBO ( News 1st ) -
අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ අමාත්‍යාංශ 16 ක් සඳහා නව ලේකම්වරුන් පත් කර තිබේ.
ඔවුන්ට අද පත්වීම් ලිපි පිරිනැමුණේ ජනාධිපති කාර්යාලයේදී ය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි පිරිනැමුණි.
ජී.පී.සපුතන්ත්‍රී මහතා අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට පත් කර ඇති අතර, ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා පත් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ලෙසයි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
කේ. එම්.එම්. සිරිවර්ධන මහතා මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයායි.
තිලකා ජයසුන්දර මහත්මිය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස පත් කර ඇති අතර ඒ. එම්. පී. එම්. බී.අතපත්තු මහතා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කර තිබේ.
ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත් කර ඇත්තේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසයි.
එච්.එස්.එස්. තුයියකොන්තා මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇති අතර ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයායි.
රංජිත් ආරියරත්න මහතා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් ධරයට පත් කර තිබේ.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වරයා ලෙස මහාචාර්ය උදයංග හේමපාල මහතාත්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එස්. ආලෝක බණ්ඩාර මහතාත් පත් කර ඇති අතර එස්.එම්. පියතිස්ස මහතා පත් කර ඇත්තේ
කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ධුරයටයි.
ඒ. විමලේන්තිරරාජා මහතා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
ඩී.පී. වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යාංශයේ ලේකම ධුරයට පත් කර ඇති අතර කේ.එම්.ජී.එස්. එන් කලුවැව මහතා පත් කර ඇත්තේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධුරයටයි.
ඒ.එච්.එම්.යූ.අරුණ බණ්ඩාර මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා වන අතර, අරුණි රණරාජා මහත්මිය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කර තිබේ.