ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ජී 20 සමුළුවේ පළමු දින සැසිවාරයට එක්වෙමිනි.
නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ, ගෝලීය ගැටුම් හේතුවෙන් දකුණු දිග රාජ්‍යයන් ආහාර, ඉන්ධන සහ පොහොර ඇතුළු ගැටලු රැසකට මුහුණ පා ඇති බවයි.
ජී 20 නියෝජිතයින් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්, ඒ සඳහා ප්‍රමුඛතාව ලබාදී කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ය.
මෙවර ජී 20 දෙදින සමුළුව ඊයේ(18) බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හීදි ආරම්භ විය.
මෙවර සමුළුව පැවැත්වෙන්නේ, ගෝලීයව බොහෝ පිරිසක් කුසගින්නෙන් පෙළීම සහ දරිද්‍රතාවය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමිනි.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, චීන ජනාධිපති ෂී ජින්පින්ග්, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් සහ බ්‍රිතාන්‍ය අගමැති කෙයිර් ස්ටාර්මර් ඇතුළු ලෝක නායකයින් රැසක් මෙම සමුළුවට සහභාගී වී සිටී.