සුපිරි වෙළෙඳසැල් , සිල්ලර වෙළෙඳසැල් , ජංගම ව්‍යාපාරික ස්ථාන එම කාලසීමාව තුල පරීක්ෂා කිරීමට නියමිතයි.
අත්‍යවශ්‍ය භාණ්ඩවලට අමතරව ඇඳුම් පැළදුම් , කල් පවතින භාණ්ඩ සහ විදුලි උපකරණ සම්බන්ධයෙන් ද මෙම කාල සීමාව තුළ විශේෂ අවදානයක් යොමු කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ ය.
උත්සවය සමය තුළ පාරිභෝගිකයින්ට ඇතිවන ගැටලු 1977 කෙටි දුරකතන අංකයට දැනුම් දිය හැකියි.
ලබන ජනවාරි 15 වැනිදා දක්වා මෙම විශේෂ වැටලීම් ක්‍රියාත්මක වෙයි.