COLOMBO (News 1st) – ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද(18) උදෑසන දිවුරුම් දුන්නේය. ඒ, ජනාධිපති කාර්යාලයේදීය. ඒ අනුව, නව රජයේ කැබිනට් අමාත්‍යවරු 21ක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
කැබිනට් අමාත්‍ය අමාත්‍ය මණ්ඩලය
01. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය - අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
02. විජිත හේරත් - විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
03. මහාචාර්ය චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
04. නීතිඥ හර්ෂණ නානායක්කාර - අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
05. සරෝජා සාවිත්‍රි - කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය
06. කේ.ඩී. ලාල්කාන්ත - කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
07. අනුර කරුණාතිලක - නාගරික සංවර්ධන, ඉදිකිරිම් සහ නිවාස අමාත්‍ය
08. රාමලිංගම් චන්ද්‍රසේකර් - ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
09. මහාචාර්ය උපාලි පන්නලගේ - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය
10. සුනිල් හඳුන්නෙත්ති - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
11. ආනන්ද විජේපාල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
12. බිමල් රත්නායක - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
13. මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
14. වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
15. සමන්ත විද්‍යාරත්න - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
16. සුනිල් කුමාර ගමගේ - තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
17. වසන්ත සමරසිංහ - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධ අමාත්‍ය
18. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍ය
20. ඉංජිනේරු කුමාර ජයකොඩි - බලශක්ති අමාත්‍ය
21. වෛද්‍ය ධම්මික පටබැඳි - පරිසර අමාත්‍ය