ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසුවේ, එම ජනතාවට කොළඹට පැමිණීම සඳහා අදත් දුර ගමන් සේවා බස් රථ යොදවා ඇති බවයි.
මගී අවශ්‍යතා අනුව අතිරේක බස් රථ යොදවන්නැයි උපදෙස් දී ඇතැයිද සභාපතිවරයා පැවසුවේ ය.
මේ අතර , පාර්ලිමේන්තු මැතිවරණය හා දීර්ඝ සති අන්ත නිවාඩු වෙනුවෙන් ගම්බිම් බලා ගොස් යළි රැකියා ස්ථාන වෙත පැමිණෙන මගීන් වෙනුවෙන් අදත් දුම්රිය සේවා යොදව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ගාල්ල, මාතර, බෙලිඅත්ත, බදුල්ල හා මහනුවර සිට එම දුම්රිය සේවා ක්‍රියාත්මක වනු ඇති.
එසේම අද දිනයේ සමුද්‍රදේවී දුම්රිය අලුයම 3.30 ට මාතර සිටද හික්කඩුව දුම්රිය අළුයම 4.30 ගාල්ල සිටද ධාවනයට එක්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.